දෙවැනි දිනයේ තරගවලින් ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට ජය

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා හා පාකිස්තාන කාන්තා කණ්ඩායම් සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා මැලේසියා කණ්ඩායමයි.

බංග්ලාදේශයේ සිල්හෙට් හී දී පැවැති තරගාවලියේ තෙවැනි තරගයෙන් පාකිස්තානය ජය වාර්තා කළේ කඩුලු 9කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මැලේසියාව කඩුලු 9 ක් දැවී ලකුණු 57 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 9 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිල්හෙට්හී දී පැවැති තරගාවලියේ සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11 කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 9 ක් දැවී ලකුණු 109 ක් ලබා ගත්තා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 37 ක් රැස් කළ අතර, නිලක්ෂි ද සිල්වා ලකුණු 19ක් හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 17 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට පන්දුවාර 11 කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 66 ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 11 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 54 ක් පමණයි.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...