Watch : ඉන්දු – දකුණු අප්‍රිකා දෙවැනි 20යි 20ට සර්පයෙකුගෙන් බාධා එල්ල වූ හැටි

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(2) රාත්‍රී 7ට ගුවහාටි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 237 ක්.

ආරම්භක පිතිකරුවන් වූ කේ.එල් රාහුල් ලකුණු 57ක් හා රෝහිට් ෂර්මා ලකුණු 43 ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් පන්දු 22 කින් ලකුණු 61 ක් වාර්තා කළේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්.

විරාට් කෝලි නොදැවී ලකුණු 49 (28) ක් ද, දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 17 (7) ක් ද ලබා ගත්තා.

ඉන්දීය ඉනිම අතරතුර දී සර්පයෙකු ක්‍රීඩාංගනය තුළට ඇතුළු වීම හේතුවෙන් තරගය මිනිත්තු කිහිපයකට අත්හිටුවීමට සිදු වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...