ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව යයි ; ඡායාරූප සියල්ල මෙන්න

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (2) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන තිබුණේ.

අතිරේක ක්‍රීඩකයින් පස් දෙනා අතරින් අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණක් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව ගිය බව සදහන්.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගවලට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 10 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් පසුගිය 25 වැනිදා සිට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සතියක පමණ කාලයක් පුහුණු කදවුරකට ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ලබා ගත් ඡායාරූප පහතින් – (ඡායාරූප හිමිකම – ශ්‍රී ලංකා ක්‍රිකට්)

SLC
SLC
SLC
SLC
SLC
SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...