“ක්‍රිකට් හරිම සරලයි – සුදුසු පරිසරය සහ මානසිකත්වයයි වැදගත්” – මහේල

Date:

නායකයෙකු ලෙස හෝ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමේ දී තමා සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය පිටුබලය ලබා දෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඒ, cricinfo – thecricketmonthly සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

“මම කරන ඕනෑම දෙයක් ගැන මම අවංකයි. මම සමග ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් සහ මම කළමණාකරණය කරපු සියලු ක්‍රීඩකයින් ඒ බව දන්නවා. අපිට අවංක සංවාද තදින් කළ හැකියි. ඒ කිසිම දෙයක් මාත් සමග පෞද්ගලික දේවල් වෙන්නේ නැහැ. මම ඒ විදිහටයි කාර්යයන් සදහා අවතිරණ වෙන්නේ.” යනුවෙන් මහේල සදහන් කළා.

“සියලු දෙනා වෘත්තීමය අය වගේම වැඩිහිටියන්. ඒ අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කරන්නයි ඕනෙ. විනිවිදභාවය තිබේනම්, න්‍යායපත්‍ර නැත්නම් ක්‍රීඩකයින් එය තේරුම් ගන්නව. මම නායකයා වුණත්, පුහුණුකරු වුණත් ක්‍රීඩකයින්ට පිටුබලය ලබා දෙනවා. මම හැමවේලාවේම ඔවුන්ගේ පැත්තේ සිටිනවා.”

“මානසිකත්වය තමා ඉතාමත්ම වැදගත්. සියල්ල අවුල් කරගන්නෙ නැතුව ක්‍රීඩකයින් තරගයට සූදානම් කර ගත යුතුයි. ක්‍රිකට් ඉතාම සරල දෙයක් බව මම තරයේ විශ්වාස කරනවා – ලකුණු සහ කඩුලු. එම කාර්ය ඉටු කර ගැනීම සදහා ඔබ සියලු දෙනා සූදානම් කර ගත යුතුයි. උපක්‍රම සහ සැලසුම් උපකාරී වෙනවා. නමුත් ක්‍රීඩකයින් ඒ ඒ අවස්ථාවන් කඩිනමින් පාලනය කර ගැනීමයි වැදගත්. සුදුසු පරිසරය තමයි ඉතාම වැදගත් දේ. එක් වරක් එය සකස් කර ගතහොත් ක්‍රීඩකයින් ගිහිං හොදින් ක්‍රීඩා කරනවා.”

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා මෙතනින් සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...