“විශ්‍රාම ගන්නා තුරු කොල්කටා කණ්ඩායමට ක්‍රීඩා කරනවා” – රසල්

Date:

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා තුරු තමාට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් පවසනවා.

පන්දු යැවීමට සූදානම් වීමේ දී කොල්කටාහි ප්‍රේක්ෂකයින් තම නම කියමින් කෑ ගසන විට තමාට වෙනස්ම ආකාරයේ හැගීමක් දැනෙන බවයි ඔහු කියා සිටියේ.

එය ඉමහත් සතුටක් ගෙන එන්නක් බව  ඔහු සදහන් කළා.

අන්ඩ්‍රි රසල් මෙම අදහස් පල කර සිටියේ කොල්කටා නයිට් රයිඩර්ස් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

තමා පිතිකරණයේ නිරත වීමට පැමිණීමේ දී ද ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන පිළිගැනීම හේතුවෙන් පීඩනයක් එල්ල වන නමුත් එය හොද ආකාරයේ පීඩනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොල්කටා කණ්ඩායමට පන්දුවාර 5ක් පමණ ඉතිරිව තිබියදී පන්දුවාරයකට ලකුණු 12ක් 13ක් පමණ ලබා ගැනීමට සිදු වන අවස්ථාවන්හී දී පිතිකරණයේ නිරත වීමට තමා දැඩි ප්‍රියත්වයක් දක්වන බව ද අන්ඩ්‍රි රසල් මෙහිදී සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...