“ඔස්ට්‍රේලියාව හා එංගලන්තයත් පාකිස්තානයට යා යුතුයි” – සංගක්කාර

Date:

ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් ද ඉදිරියේ දී පාකිස්තානයේ තරග සංචාරවල නිරත විය යුතු බව හිටපු ශ්‍රී ලංකා නායක, මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාකිස්තානයට ගෙන යාම තවදුරටත් ශක්තිමත් කිරීම සදහා එය වැදගත් වන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍යක් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වෙතත්, දීර්ඝ පාකිස්තාන තරග සංචාර කඩිනමින් අපේක්ෂා නොකරන බවයි සංගක්කාර කියා සිටියේ.

“මම හිතන්නේ නැහැ ඔබට දැක ගැනීමට හැකි වේවි කියල නුදුරු අනාගතයේ දී තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියක් සමග එක්දින තරගාවලියක් එක දිගට ක්‍රීඩා කරනවා” යනුවෙන් ඔහු පවසා සිටියා.

“ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරන්න. ඔබ විවේකයක් ගන්න. ආපසු යන්න. එක්දින තරග 3ක් ක්‍රීඩා කරන්න. දීර්ඝ තරග සංචාර සදහා මෙය නිවැරැදිම අවස්ථාව නෙවෙයි.නමුත් මට විශ්වාසයි නිවැරැදි සන්නිවේදනය සහ නිසි ක්‍රියාමාර්ග තුළින් ක්‍රීඩකයින්ට පාකිස්තානයට ගිහිං හොදින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන් කියල.”

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...