බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

Date:

දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි.

බුම්රා මේ වන විට පිට කොන්දේ ආබාධයකට ගොදුරුව සිටින අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මෙම ආබාධය හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රාට ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කර නැහැ.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් එළඹෙන දෙවැනිදා ගුවහාටි හී දී හා එළඹෙන 4 වැනිදා ඉන්දෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

India squad for South Africa T20Is:

Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (wk), Dinesh Karthik (wk), R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Deepak Chahar, Umesh Yadav, Shreyas Iyer, Shahbaz Ahmed, Mohd. Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...