බුම්රාට මාස 6 ක් ක්‍රිකට් අහිමි වන ලකුණු

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

බුම්රා බදාදා (28) දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ සදහා බැංගලූරු වෙත පිටත්ව ගොස් ඇති අතර, එම වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නැහැ.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඔහුට නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වූ නමුත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලිය සදහා හා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා ඔහුව නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගත්තේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි හා තෙවැනි 20යි 20 තරග සදහා පසුගිය 23 වැනිදා හා 25 වැනිදා ඔහු ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, පිට කොන්ද ආශ්‍රිත වේදනාවක් හේතුවෙන් ඊයේ(28) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු 20යි 20 තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරියෙකු උපුටා දක්වමින් පී ටී අයි පුවත් සේවය වාර්තා කර ඇත්තේ මෙම ආබාධය නිසා බුම්රාට මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවයි.

මීට පෙර ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ද මෙවර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...