T20 ලෝක කුසලානයේ දී කණ්ඩායම් වෙත පිරිනැමෙන ත්‍යාග මුදල් නිවේදනය කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(30) තොරතුරු අනාවරණය කළා.

ඒ අනුව කණ්ඩායම් 16 ක් ක්‍රීඩා කරන තරගාවලියේ ශූරයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බවයි අයි.සී.සී ය සදහන් කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 56 ක පමණ අගයක් වනවා.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට එම ත්‍යාග මුදලින් අඩක් (ඩොලර් 800,000) (රුපියල් කෝටි 28ක් පමණ) හිමි වන බව ද අයි.සී.සී ය නිකුත් කළ නිවේදනයේ සදහන්.

නොවැම්බර් 13 වැනිදා මෙවර තරගාවලිය අවසන් වීමට නියමිතව ඇති අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වන කණ්ඩායම් දෙක සදහා ඩොලර් 400,000 බැගින් (රුපියල් කෝටි 14 ක් පමණ) වන මූල්‍ය ත්‍යාගයක් හිමි වීමට නියමිතයි.

සුපිරි 12 වටයෙන් ඉවත් වීමට සිදු වන කණ්ඩායම් 8 සදහා ඩොලර් 70,000 ක (රුපියල් කෝටි 2.4 ක් පමණ) මුදලක් බැගින් පිරිනැමෙනවා.

සුපිරි 12 වටයේ දී පැවැත්වීමට නියමිත තරග 30 ජය ගන්නා කණ්ඩායම් සදහා ඩොලර් 40,000 බැගින් (රුපියල් කෝටි 1.4 ක් පමණ) පිරිනැමීමට ද නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 8 ක් තරග කිරිමට නියමිතව ඇති අතර, එහිදී සමස්ත තරග 12ක් පැවැත්වීමට නියමිතයි.

එම වටයේ එක් ජයග්‍රහනයක් වෙනුවෙන් කණ්ඩායමකට හිමිවන මූල්‍ය ත්‍යාගය ද ඩොලර් 40,000 ක්.

පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන කණ්ඩායම් 4 සදහා ද ඩොලර් 40,000 බැගින් පිරිනැමෙනවා.

මෙම ලෝක කුසලානයේ දී සමස්තයක් ලෙස ඩොලර් මිලියන 5.6 ක මුදලක් ත්‍යාග මුදල් ලෙස කණ්ඩායම් වෙත පිරිනැමීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...