වනිදු පන්දු යවන්නන් අතර යළි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(28) නිවේදනය කළා.

ඊට අනුව 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් තහවුරු කර ගෙන ඇත්තේ එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලියේ දී මෙතෙක් දක්වා ඇති සුවිශේෂි දක්ෂතාවයන් හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කළ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

රිස්වාන්ට ශ්‍රේණිගත ලකුණු 861 ක් හිමිව ඇති අතර, සූර්යකුමාර්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 801 ක්.

පාකිස්තාන නායක බාබර් අසාම් 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 799 ක් සමගින්.

එංගලන්තයේ හැරී බෘෘක් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 118 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඔහුට හිමිව ඇත්තේ 29 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

මේ අතර, 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ හැරිස් රවුෆ් සමත්ව තිබෙනවා.

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 15 කින්.

ඇඩම් සම්පා 6 වැනි ස්ථානය දක්වා පසු බැස ඇති අතර, වනිදු හසරංග 5 වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතර තවදුරටත් රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී හිමි කර ගෙන සිටින අතර, එහි දෙවැනි ස්ථානය දක්වා බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් පසු බැස තිබෙනවා. වනිදු හසරංග එහි සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...