ක්‍රීඩකයින් තිදෙනෙකු ඉන්දීය 20යි 20 සංචිතයට ඇතුළත් කෙරේ

Date:

ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර් දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් හූදා වෙනුවටයි.

හර්ඩික් පාන්ඩ්යා හා බුවනේෂ්වර් කුමාර් ද මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බවත්, බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත ඔවුන් වාර්තා කළ යුතුව ඇති බවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ඔස්ට්‍රේලියාට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියෙන් විවේක ගැන් වූ අර්ෂ්දීප් සිං දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියට ඇතුළත්.

මේ අතර, දින කිහිපයකට පෙර කොවිඩ් 19 ආසාදනය වූ බැවින් ඔස්ට්‍රේලියානු තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ.

ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

ෂාමි වෙනුවට ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට ආදේශ කෙරුණු උමේෂ් යාදව් දකුණු අප්‍රිකාවට එරෙහිව අද ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක ශහ්බාස් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අද (28) තිරුවානන්තපුරම් හී දී ආරම්භ වන අතර, දෙවැනි 20යි 20 තරගය එළඹෙන දෙවැනිදාත්, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 4 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...