Watch : බංග්ලාදේශයේ වරදින් මහේල හා ඩිල්ෂාන් ලකුණු 4 ක් දිවගොස් රැස් කළ හැටි

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (27) රාත්‍රියේ නිමා වුණා.

මූලික වටයේ අවසන් තරගය හෙවත් මෙවර තරගාවලියේ 20 වැනි තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

රායිපූර්හි පැවැති එම තරගයෙන් ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හිමි කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4 ක් සමගින් ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 14 බැගින් හිමි කර ගත් ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත්තා.

සිව්වැනි ස්ථානය හිමි වූයේ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමටයි. ඒ, ප්‍රසාද ලකුණු 12 ක් හිමි කර ගනිමින්.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(28) සහ හෙට(29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ රායිපූර් හී දී යි. තරගය රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලිය යටතේ ඊයේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අතරතුර දී ලකුණු 4 ක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට මහේල උඩවත්ත හා තිලකරත්න ඩිල්ෂාන් සමත් වූ අතර, එම සිදුවීම පිළිබද මේ වන විට බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවටයි මෙය සිදු වුණේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...