කෝන්වෝල්ගේ හයේ 11 රෝයල්ස් අවසන් තරගයට ගෙන යයි ; දික්වැල්ලගේ කිංග්ස් පිල තරගාවලියෙන් ඉවතට

Date:

රකීම් කෝන්වෝල්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර සී.පී.එල් තරගාවලිය යටතේ ගයානා හී දී පැවැති අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම පරදා ලකුණු 87 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පිත්ත අතට ගැනීමට සිදු වූ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් රැස් කිරීමට හැකි වුණා.

රකීම් කෝන්වෝල් පන්දු 54 කින් ලකුණු 91 ක් ලබා ගත්තේ හයේ පහර 11 ක් හා හතරේ පහර 2ක් සමගින්.(දර්ශන පහතින්)

අසාම් ඛාන් ලකුණු 52 ක් පන්දු 35 කින් වාර්තා කළා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් ද සිය ඉනිමට ඇතුළත් කරමින්. පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 29 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගයානා කණ්ඩායමට පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

නායක ශිම්රන් හෙට්මයර් ලකුණු 37 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රමෝන් සිමන්ඩ්ස් ලකුණු 17 කට කඩුලු 3ක් බිද හෙලුවා. කෝන්වෝල් ලකුණු 10කට කඩුලු 2 ක් ද, මුජිබ් උර් රහ්මාන් ලකුණු 21 කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) සදහා සුදුසුකම් ලබා ගත්තා.

එම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ජැමයිකා තලවාස් කණ්ඩායමයි.

ජැමයිකා කණ්ඩායම එම තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator) ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම ලකුණු 33 කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැමයිකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 18 කදී ලකුණු 115 කට දැවී ගියා.

කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල රැස් කළේ ලකුණු 8(6)ක් පමණයි.

මෙම පරාජයත් සමග ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට මෙවර සී.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

https://www.youtube.com/watch?v=428awskwsFk

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...