ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අපරාජිතව මූලික වටය අවසන් කරයි

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 70 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

රායිපූර්හී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

තුෂාර් ඉම්රාන් ලකුණු 52 ක් රැස් කළ අතර, අබුල් හසාන් ලකුණු 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අසේල ගුණරත්න ලකුණු 24 කට කඩුලු 2ක් දවා ගත් අතර, ධම්මික ප්‍රසාද් හා සනත් ජයසූරිය එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213 ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

එම සම්බන්ධතාවය බිද වැටුණේ සනත් ජයසූරිය ලකුණු 37 කට දැවී යාමත් සමගයි. පන්දු 25 කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

මහේල උඩවත්ත ලකුණු 43 (27) ක් රැස් කළා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චාමර සිල්වා නොදැවී ලකුණු 34 යි. ඉසුරු උදාන පන්දු 4 කින් ලකුණු 17ක් නොදැවී රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ තිලකරත්න ඩිල්ෂාන්.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අපරාජිතව මූලික වටය අවසන් කළ අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ තරග 5 කදී ජයග්‍රහන 4 ක් සමගින් ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගනිමින්.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...