Watch : ඩිල්ෂාන්ගේ සුපිරි ස්විච් හිට් හා ඩිල්ස්කූප් පහර මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද(27) පස්වරුවේ රායිපූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213 ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

එම සම්බන්ධතාවය බිද වැටුණේ සනත් ජයසූරිය ලකුණු 37 කට දැවී යාමත් සමගයි. පන්දු 25 කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

මහේල උඩවත්ත ලකුණු 43 (27) ක් රැස් කළා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චාමර සිල්වා නොදැවී ලකුණු 34 යි. ඉසුරු උදාන පන්දු 4 කින් ලකුණු 17ක් නොදැවී රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...