දිල්හාරගේ සුපිරි පන්දු යැවීම ටයිගර්ස් කණ්ඩායමට තියුණු ජයක් ගෙනෙයි

Date:

දිල්හාර ප්‍රනාන්දුගේ සුපිරි පන්දු යැවීම හමුවේ ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 8 වැනි තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා.

කටක් හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ භිල්වාර කිංග්ස් කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා භිල්වාර කිංග්ස් කණ්ඩායමට ලකුණු 176 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 9 ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ දිල්හාර ප්‍රනාන්දු විසින්.

ඔහු එම පන්දුවාරයේ දී ලකුණු 5 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 2 ක් ද දවා ගැනීමට සමත් වුණේ ටයිගර්ස් කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දෙමින්.

දිල්හාර ප්‍රනාන්දු මෙම තරගයේ දී ලකුණු 31 කට දවා ගත් කඩුලු ගණන 4 ක්. මුත්තයියා මුරලිදරන් ලකුණු 31 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

භිල්වාර කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් යුෆුස් පතාන් ලකුණු 42 (21) ක් හා විලියම් පෝර්ටර්ෆීල්ඩ් ලකුණු 28 ක් රැස් කළා.

කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මනිපාල් ටයිගර්ස් කණ්ඩායම ලකුණු 175 ක් රැස් කළේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ටටෙන්ඩ ටයිබු ලකුණු 54(30) ක් හා ජෙසී රයිඩර් ලකුණු 47 (35) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටීනෝ බෙස්ට් කඩුලු 3ක් හා යුසුෆ් පතාන් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...