අබුඩාබි T 10 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 7 දක්වා ඉහළට

Date:

මෙවර අබුඩාබි ටී ටෙන් (Abu Dhabi T10) ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(26) රාත්‍රියේ සිදු කෙරුණා.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

පළමුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව සිය කණ්ඩායම සදහා තෝරා ගැනීමට කටයුතු කළේ සම්ප් ආර්මි (Samp Army) කණ්ඩායමයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා ගැණුනු දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.

ඔහුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසිනුයි සිය කණ්ඩායම වෙත තෝරා ගනු ලැබුවේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් සමග ගිවිසුම්ගත වී තිබුණා.

ඒ අනුව සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නොදර්න් වොරියර්ස් කණ්ඩායම සදහා ද, යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම චෙන්නායි බ්‍රේව් කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා සමගම ගිවිසුම්ගතව තිබෙනවා.

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...