හූදා හා ෂාමි දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියෙන් ඉවතට

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් හූදාට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඒ අනුව දීපක් හූදා සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග පළමු 20යි 20 තරගය පැවැත්වෙන තිරුවානන්තපුරම් වෙත ද පිටව ගොස් නැහැ.

මේ අතර, දින කිහිපයකට පෙර කොවිඩ් 19 ආසාදනය වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි තවමත් සුවය ලබා නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වනු ඇති බවත් සදහන්.

තුන් ඉරියව් ක්‍රීඩක ශහ්බාස් අහ්මඩ් හා පිතිකරු ෂ්රෙයස් අයියර් ඉන්දීය සංචිතයට ආදේශ කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය හෙට(28) ආරම්භ වන අතර, දෙවැනි 20යි 20 තරගය එළඹෙන දෙවැනිදාත්, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 4 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...