රිස්වාන්, නවාස් හා රවුෆ් පාකිස්තානයට ලකුණු 3ක තියුණු ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට පාකිස්තානය සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

හැරී බෘෘක් හා ලියම් ඩෝසන් ලකුණු 34 බැගින් රැස් කළ අතර, බෙන් ඩකට් ලකුණු 33 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් හා හැරිස් රවුෆ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 166 ක් රැස් කළා.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් රිස්වාන් පන්දු 67 කින් ලකුණු 88 ක් ලබා ගත්තා. නායක බාබර් අසාම් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 37 කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...