තියුණු සටනකින් පසු ඉන්දියාව 2-1 ක් ලෙස තරගාවලිය දිනයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හයිදරාබාද් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කේ.එල් රාහුල් එක් ලකුණකටත්, රෝහිට් ෂර්මා ලකුණු 17කටත් දැවී ගියා.

අනතුරුව විරාට් කෝලි සමගින් පිටියේ එක් වූ සූර්යකුමාර් යාදව් පන්දු 62 කින් ලකුණු 104 ක සම්බන්ධතාවයක් තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුවා.

සූර්යකුමාර් පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

විරාට් කෝලි පන්දු 48 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 3 කින් වර්ණවත් වුණා. හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 25(16)යි.

පන්දු යැවීමේ දී ඩැනියල් සෑම්ස් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 186 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉනිම ආරම්භ කළ කැමරන් ග්‍රීන් පන්දු 21 කින් වේගවත් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

ටිම් ඩේවිඩ් පන්දු 27 කින් ලකුණු 54 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 33 කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...