නිශාන් මදුෂ්ක මෙවර තරග වාරයේ ලකුණු 1,000 පසු කරයි

Date:

රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මදුෂ්ක මෙවර අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු දහසේ සීමාව පසු කර යාමට අද(25) සමත් වුණා.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සමග පැවැත්වෙන තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී යි 23 හැවිරිදි නිශාන් මදුෂ්ක මෙම කඩඉම පසු කර යාමට සමත් වුණේ.

කොළඹ තස්ටර්න් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස රාගම කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම ලකුණු 131 කට සීමා වුණේ රාගම කණ්ඩායමට ලකුණු 361 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්. රාගම කණ්ඩායම මේ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

රාගම පළමු ඉනිමේ දී නිශාන් මදුෂ්ක ලකුණු 30 ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්.

මදුෂ්ක තරග 6ක දී සිය ලකුණු 1,000 පසු කර යාම විශේෂත්වයක්.

ශතක 5 ක් හා අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 1,025 ක් මෙවර තරග වාරයේ දී ලබා සිටින නිශාන් මදුෂ්කගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 146.42 ක් ලෙසයි.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 300 මෙවර තරග වාරයේ ඔහුගේ හොදම ඉනිම ලෙස සටහන්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...