ඩකට් හා හැරීගේ සුපිරි සම්බන්ධතාවය එංගලන්තයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

පාකිස්තානය සමග පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා එංගලන්තයෙන් ලද ලකුණු 222 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

දෙවැනි තරගයේ දී නොබිදුණු ද්විත්ව ශතක සම්බන්ධතාවයක් ගොඩ නගමින් පාකිස්තානය විශිෂ්ඨ හඹා යාමක් වෙත රැගෙන ගිය නායක බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් මෙම තරගයේ දී රැස් කළේ ලකුණු 8 බැගින් පමණයි.

ශාන් මසූඩ් නොදැවී ලකුණු 65 ක් පන්දු 40 කින් වාර්තා කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කුෂ්දිල් ශාහ් ලකුණු 29 ක් ද, මොහමඩ් නවාස් ලකුණු 19 ක් ද රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 24 කට කඩුලු 3 ක් හා අඩිල් රෂීඩ් ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 221 ක් ලබා ගත්තේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

විල් ජැක්ස් ලකුණු 40(22) යි. සුපිරි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළ බෙන් ඩකට් හා හැරී බෘෘක් එංගලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 139 (69) ක්.

ඩකට් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. බෘෘක් ලකුණු 81 ක් නොදැවී රැස් කළා. පන්දු 35 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 48 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

https://twitter.com/cric12222/status/1573554185739681797?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...