ශ්‍රී ලංකා – නවසීලන්ත ලෙජන්ඩ්ස් තරගය කල් යයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 16 වැනි තරගය ද වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට අද(24) සිදු වුණා.

මෙම තරගය දෙහ්රාදුන්හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

කෙසේ වෙතත්, මෙම තරගය අවලංගු කළ තරගයක් (ප්‍රතිපලයකින් තොර තරගයක්) ලෙස නොසලකන අතර, තරගය ඉදිරි දිනයකදී පවත්වන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කර ඇති නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන බව දක්වා තිබෙනවා.

ඒ, තරග 4 කදී තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12 කට හිමිකම් කියමින්. ඔවුන්ට හිමි දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.886 ක්.

තරග 4 කදී තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12කටම හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල දෙවැනි ස්ථානයේ පසුවන්නේ 1.701 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කර ගනිමින්.

ක්‍රීඩා කළ තරග තුනම ජය ගෙන ඇති ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියන අතර, ඔවුන්ට තෙවැනි ස්ථානය හිමිව ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ඒ, ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 1.61 ක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

https://twitter.com/RSWorldSeries/status/1573699304878878720

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...