පන්දුවාර අටේ තරගයේ ජය කඩුලු 6 කින් ඉන්දියාවට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දීය කණ්ඩායම අද(23) සමත් වුණා.

නාග්පූර්හි පැවැති මෙම තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 8කට සීමා කිරීමට සිදු වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන් නියමිත පන්දුවාර 8 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 90 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 7.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ දී නායක ආරෝන් ෆින්ච් පන්දු 15 කින් ලකුණු 31 ක් රැස් කළ අතර, මැතිව් වේඩ් ලකුණු 43 ක් නොදැවී රැස් කළේ පන්දු 20 කින්.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් කඩුලු 2 ක් ද, ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඉන්දියාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉනිමේ නැංගුරම බවට පත් වූ නායක රෝහිට් ෂර්මා පන්දු 20 කින් නොදැවී ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

දිනේෂ් කාර්තික් තමා මුහුණ දුන් පළමු පන්දු දෙකට පිළිවෙලින් හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජය ඉන්දියාවට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...