Watch : සැවොම සිනහවට ලක් කරමින් පන්දුව හිස් ආවරණය තුළට ගිය හැටි

Date:

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය මෙරට වේලාවෙන් අද (23) රාත්‍රී 8ට කරච්චි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් රැස් කරමින්.

විල් ජැක්ස් ලකුණු 40(22) යි. සුපිරි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළ බෙන් ඩකට් හා හැරී බෘෘක් එංගලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 139 (69) ක්.

ඩකට් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. බෘෘක් ලකුණු 81 ක් නොදැවී රැස් කළා. පන්දු 35 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

බෘෘක් පන්දුවට පහර දෙමින් සිටින අතරතුර දී ඔහු එල්ල කළ පහරකින් පසුව පන්දුව හිස් ආවරණයේ රැදුණු අතර, එම අවස්ථාව බොහෝ දෙනෙකුට සිනහවක් ගෙන ආ අවස්ථාවක් බවට පත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...