ශේන් බෝන්ඩ්ට MI සමූහයෙන් ප්‍රධාන පුහුණුකරු ධූරයක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලියට තරග කරන එම් අයි එමිරේට්ස් (MI Emirates) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශේන් බෝන්ඩ් පත් කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සතු එම් අයි එමිරේට්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස විනයි කුමාර් ද පිතිකරණ පුහුණුකරු ලෙස පාර්තිව් පටෙල් ද පත් කිරීමටයි එම් අයි සමූහය පියවර ගෙන ඇත්තේ.

ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම එම් අයි එමිරේට්ස් කණ්ඩායමේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කර ඇත්තේ රොබින් සිං.

ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු 47 හැවිරිදි ශේන් බෝන්ඩ් 2015 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර, ඔහු ඉදිරියටත් එම ධූරයේ ද කටයුතු කරනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් තරගාවලිය ලබන ජනවාරි හා පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලීග් තරගාවලිය (SA20) ද එම කාලයේ දී ම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

SA20 තරගාවලිය සදහා ද එම් අයි සමූහය සතු කණ්ඩායමක් වන MI Cape Town කණ්ඩායම තරග කරන අතර, තරගාවලි දෙකම එකම කාලයකදී පැවැත්වීම හේතුවෙන් එම කණ්ඩායම් දෙක සදහා වෙන වෙනම පුහුණු කාර්යය මණ්ඩල පත් කිරීමට එම් අයි සමූහයට සිදුව තිබෙනවා.

MI Cape Town කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සයිමන් කැටිච්. පිතිකරණ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා පත් කෙරුණු අතර, කණ්ඩායමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස රොබින් පීටර්සන් ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස James Pamment ද කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර, මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් පත් කිරීමට ද එම් අයි සමූහය පියවර ගත්තා.

මහේල ජයවර්ධන එම ධූරයෙන් පසුගියදා ඉවත් වූයේ ඔහුව එම් අයි සමූහයේ කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස පත් කිරීම හේතුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...