ලෝක කණ්ඩායම පරදා LLC විශේෂ තරගයේ ජය ඉන්දීය මහරාජාස් කණ්ඩායමට

Date:

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියට සමගාමීව පැවැති වර්ල්ඩ් ජයන්ට්ස් (World Giants) කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් (India Maharajas) කණ්ඩායම අතර විශේෂ 20යි 20 තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත් වුණා.

ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධාන කර තිබූ මෙම විශේෂ තරගය පැවැත්වුණේ කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

කෙවින් ඕබ්‍රයන් ලකුණු 52(31) ක් ද, දෙනේෂ් රම්දින් නොදැවී ලකුණු 42 (29) ක් ද, තිසර පෙරේරා ලකුණු 23(16) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී පංකජ් සිං ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් පිල ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

Tanmay Srivastava ලකුණු 54(39) ක් රැස් කළ අතර, යුෆුස් පතාන් නොදැවී ලකුණු 50(35) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටිම් බ්‍රෙස්නන් කඩුලු 3 ක් දවා ගත්තා. තිසර පෙරේරා පන්දුවාර 2ක් යොමු කළ අතර එහිදී ප්‍රතිවාදීන් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා. මුත්තයියා මුරලිදරන් යොමු කළ පන්දුවාර 3 තුළ දී ප්‍රතිවාදීන් රැස් කළ ලකුණු ගණන 23ක්.

මෙවර Legends League Cricket තරගාවලිය අද (17) සිට ආරම්භ වීමට නියමිත අතර, පළමු තරගය අද රාත්‍රී 7.30ට කොල්කටා හී දී ආරම්භ වන්නේ ගුජරාට් ජයන්ට්ස් හා ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම් අතරයි.

තරගාවලිය සදහා එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්. India Capitals කණ්ඩායම සදහා ෆර්විස් මහරුෆ් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අජන්ත මෙන්ඩිස් Gujarat Giants කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා රොමේෂ් කලුවිතාරන Manipal Tigers සංචිතයට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...