ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින එක්සත් අරාබි සංචිතය නිවේදනය කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචිතය අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

සී.පී රිස්වාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ලෝක කුසලානය සදහා එක්සත් අරාබිය විසින් නම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් වැඩිම 20යි 20 හා එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Rohan Mustafa සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයට පෙර එළඹෙන 25 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව 20යි 20 තරග දෙකක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයේ දී එක්සත් අරාබි කණ්ඩායම මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදිනවා.

ලෝක කුසලානය යටතේ ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 16 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවට හා නැමීබියාවට එරෙහි ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

Squad: CP Rizwan (c), Vriitya Aravind (vc), Chirag Suri, Muhammad Waseem, Basil Hameed, Aryan Lakra, Zawar Farid, Kashif Daud, Karthik Meiyappan, Ahmed Raza, Zahoor Khan, Junaid Siddique, Sabir Ali, Alishan Sharafu, Aayan Khan.

Reserves: Sultan Ahmed, Fahad Nawaz, Vishnu Sukumaran, Adithya Shetty, Sanchit Sharma

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...