මහේලගේ උසස් වීමෙන් පුරප්පාඩු වූ මුම්බායි පුහුණුකරු ධූරය දකුණු අප්‍රිකානු පුහුණුකරුට

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්ක් බවුචර් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම ධූරයෙන් ඉවත් වීම හේතුවෙන්.

මහේල ජයවර්ධන එම් අයි සමූහයේ කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස පත් කිරීම හේතුවෙනුයි මහේල එම ධූරයෙන් ඉවත් වුණේ.

මාර්ක් බවුචර් මේ වන විට දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එම ධූරයෙන් ඉවත් වන බව ඔහු සදහන් කර තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාර්ක් බවුචර් දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහුගේ ගිවිසුම් කාලය ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වලංගු වුව ද, එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර  ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජයට පත් වීමෙන් පසුව ඔහු ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමේ සිය තීරණය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුව 2023 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මාර්ක් බවුචර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...