20යි 20 ලීග් නිසා ජේම්ස් නීෂම් නවසීලන්ත ක්‍රිකට් ආයතනයට බෑ කියයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් නීෂම් වෙත නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට සූදානම් වූ නව කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට ඔහු තීරණය කර ඇත්තේ ලොව වටා 20යි 20 ලීග් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මීට පෙර සැලසුම් කළ ගිවිසුම්වලට අනුගත වීමටයි.

2022-23 තරග වාරය වෙනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මීට පෙර ක්‍රීඩකයින් 20 දෙනෙකු සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර තිබූ අතර, එම ක්‍රීඩකයින් අතරට නීෂම් ඇතුළත්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට එරට ක්‍රිකට් ආයතනය ඔහුට ද නව කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට තීරණය කර ඇතත්, එය ප්‍රතික්ෂේප කිරීමටයි ජේම්ස් නීෂම් පියවර ගෙන ඇත්තේ.

“අද මධ්‍යම කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කිරීමට මා ගත් තීරණය පිළිබඳ ප්‍රවෘත්තිය මම මගේ රට නියෝජනය කිරීමට වඩා මුදල් තෝරා ගත්තා ලෙස පෙනෙනු ඇතැයි මම දනිමි.” යනුවෙන් ජේම්ස් නීෂම් සිය සමාජ මාධ්‍ය පිටුවක සදහන් කර තිබෙනවා.

“මම ජූලි මාසයේදී කොන්ත්‍රාත්තුවක් භාර ගැනීමට සැලසුම් කර තිබුණත්, එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබූ බැවින් මම ලොව පුරා අනෙකුත් ලීග්වලට කැපවී සිටිනවා. ඒක අමාරු තීරණයක්, නමුත් නවසීලන්ත ක්‍රිකට් සමග යළි ගිවිසුම් අත්සන් කිරීමට වඩා මම ඒ කැපවීම්වලට ගරු කරන්න තීරණය කළා.”

මේ අතර, ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කිරිමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, ඒ අනුව ෆින් ඇලන් හා බ්ලෙයාර් ටික්නර්ට කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...