ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පලමු අදියර ලබන 18 වැනිදා ඇරඹේ

Date:

සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෙෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග ” වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට‍ යන කුසලතා ගවේෂණ වැඩසටහන එළඹෙන 18 වැනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ, උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණයෙන්, පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන්, මෙම දක්ෂතා ගවේෂණය ආරම්භ වීමට නියමිත බවයි.

“මෙහි මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේෂණයයි.” යනුවෙන් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සමාරම්භක වැඩසටහන යටතේ, පොලොන්නවරු දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර ගනිමින් ඔවුන් අතරින් දක්ෂතමයින් තෝරා ගැනීම ලබන 18 වැනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව දිවයියන් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ක්‍රිකට් ආයතනය අද(16) නිවේදනය කළා.

පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07ක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කෙරෙනවා.

දක්ෂතා ගවේෂණයෙන් තෝරා ගන්නා සිසුන් 13න්, 15න්, 17න්, 19න් හා 23න් පහල පිරිමි සහ කාන්තා වශයෙන් කණ්ඩායම් ගත කෙරෙන බව ද සදහන්.

අනාගත ක්‍රිකට් තරු සොයා දියත් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පලමු අදියර පහත සඳහන් දින හා ස්ථානවලදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

  • 2022/09/18 : තමන්කඩුව – රාජකීය විදුහල් ක්‍රීඩාංගනය
  • 2022/09/19 : වැලිකන්ද – සෙවනපිටිය විදුහල් ක්‍රීඩාංගනය
  • 2022/09/20 : දිඹුලාගල – අරලගංවිල විලයාය ජාතික පාසැල් ක්‍රීඩාංගනය
  • 2022/09/21 : ලංකාපුර – විජිත මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනය
  • 2022/09/22 : හිඟුරක්ගොඩ – ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගනය
  • 2022/09/23 : මැදිරිගිරිය – මැදිරිගිරිය ජාතික පාසැල් ක්‍රීඩාංගනය
  • 2022/09/24 : ඇලහැර – බකමූණ මහවැලි ක්‍රීඩාංගනය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...