ලෝක කුසලානයේ දී හසරංග අමාරු ප්‍රතිවාදියෙක් වේවි : මුරලිදරන්

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කුමන ආකාරයේ දග පන්දු යවන්නන් සාර්ථකත්වයට පත් වේවිද?

ඔස්ට්‍රේලියානු තණතීරු වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු බව නොරහසක්.

එවැනි වටපිටාවක මෙවර ලෝක කුසලානයේ දී දග පන්දු යවන්නන්ගේ භූමිකාව කෙබදු වේවිද?

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අදහස් දක්වා සිටියා.

ඒ, සිකුරාදා කොල්කටා හී දී ආරම්භ වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී මුරලිදරන් පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවේ දී පිට දග පන්දු යවන්නන්ට (fingerspinners) වඩා පා දග පන්දු යවන්නන්ට (legspinners) වැඩි වාසිදායක තත්ත්වයක් පවතින බවයි.

පන්දුවේ ඉපිලීම වැඩි බව ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු සදහන් කර සිටියා.

“මම හිතන්නේ වනිදු හසරංග අමාරු ප්‍රතිවාදියෙක් වේවි පිතිකරණයේ නිරත වෙන්න” යනුවෙන් මුරලිදරන් සදහන් කළා.

“මොකද ඔබට සිද්ධ වෙනවා පරිස්සම් වෙන්න ඔහුට මුහුණ දීමේ දී. නමුත් සමහර ක්‍රීඩකයින්ට ඔහුට එරෙහිව හොදින් ක්‍රීඩා කළ හැකියි”

“ඔහු විශිෂ්ට T20 පන්දු යවන්නෙක්. ඔහු ඉතා සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසායි ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහාත් ක්‍රීඩා කළේ. පසුගිය අවුරුදු 2-3 තුළ ඔහු විශාල දෙයක් කළා. ඔහු තරුණයෙක්, ජ්‍යෙෂ්ඨයෙක් නෙවෙයි. නමුත් මම ඔහු සමඟ දඟ පන්දු යැවීම ගැන වැඩිය කතා කරන්නේ නැහැ. මම ඔහුව වැඩිය දකින්නේ නැහැ. ශ්‍රී ලංකාවට ඉන්නවා දග පන්දු යැවීමේ පුහුණුකරුවෙක්. ඔහු දියුණු කිරීමට අවශ්‍ය දේ ගැන ඔහු සමඟ කතා කළ යුතුයි.”

“පසුගිය වසර කිහිපය තුළ අපට තරුණ කණ්ඩායමක් හිටියා. ඔවුන් දැන් අත්දැකීම් ටිකක් ලබා ගෙන තියෙනවා. ආසියානු කුසලානයේ දී හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔවුන් ජයග්‍රහණය කිරීමට සුදුසුයි”

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව සිකුරාදා දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය (India XI) හා ලෝක (World XI) කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්.

අනතුරුව සෙනසුරාදා දිනයේ දී කණ්ඩායම් 4ක් ක්‍රීඩා කරන ප්‍රධාන තරගාවලිය ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...