ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම සභාපති හෙළි කරයි

Date:

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ස්ථාවර තැන්පතුවක් පවතින බව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

කොලඹ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ නවසීලන්ත ක්‍රිකට් ආයතනය සතුව ඇත්තේ ද ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් පමණක් බවයි.

මෑතක් වන තුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ණය මුදල් මත යැපුණු බවත්, ක්‍රීඩකයින්ට හා සේවකයින්ට වැටුප් ගෙවීමට සිදු වූයේ එම ණය මුදල්වලින් බවත් සභාපතිවරයා සදහන් කළා.

කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපයේ සිට එලෙස ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බවයි ශම්මි සිල්වා මහතා අවධාරණය කර සිටියේ.

2011 වසරේ දී ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැති ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20.5 ක මුදලක් හිමි වූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්භාවයට පත් වූ බවත්, ක්‍රීඩකයින්ට හා සේවකයින්ට වැටුප් ගෙවීමට සිදු වූයේ අයි.සී.සීයෙන් ලබා ගත් ණය මුදලක් තුළින් බවත් ඔහු සිහිපත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...