ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කැදවමින් ලෝක කුසලානයට සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය සංචිතය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් අද(15) නිවේදනය කළා.

ආබාධවලට ලක්ව සිටි ක්‍රෙයිග් අර්වින්, ටෙන්ඩයි චටාරා, වෙලින්ටන් මසකඩ්සා හා මිල්ටන් ශුම්බා යන ක්‍රීඩකයින් මේ වන විට සුවය ලබා සිටින බැවින් ලෝක කුසලානය සදහා ඔවුන්ව නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

බ්ලෙසින්ග් මුසරබානි ද සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බැවින් සිම්බාබ්වේ සංචිතයට නම් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු වටය සදහා ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙන්.

ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

T20 World Cup squad:

Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Bradley Evans, Luke Jongwe, Clive Madande, Wessly Madhevere, Wellington Masakadza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

Reserves:

Tanaka Chivanga, Innocent Kaia, Kevin Kasuza, Tadiwanashe Marumani, Victor Nyauchi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...