වනිදු පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(14) නිවේදනය කළා.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ද ස්ථාන 7කින් ඉදිරියට පැමිණ ඇත්තේ සිව්වැනි ස්ථානය දක්වායි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී වනිදු කඩුලු 9ක් දවා ගත් අතර, අවසන් තරගයේ දී ඔහු පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක් දවා ගත්තා.

එමෙන්ම අවසන් මහා තරගයේ දී 25 හැවිරිදි ඔහු පිත්තෙන් ද දැක් වූ දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහනයට බෙහෙවින් හේතු වුණා.

මේ අතර, 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් සමත්ව සිටිනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී දෙවැනි ස්ථානයට ඇද දමමින්.

මහීෂ් තීක්ෂන පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය පැතුම් නිස්සංකට හිමිව තිබෙනවා.

භානුක රාජපක්ෂ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 34 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 34 වැනි ස්ථානයයි.

වසර 3කට පමණ පසු ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ ඉන්දියාවේ විරාට් කෝලි 20යි 20 පිතිකරුවන් අතර ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 15 වැනි ස්ථානය දක්වායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...