ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු ඉන්දීය සංචාරයෙන් ඉවත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මිචෙල් මාෂ් හා මර්කස් ස්ටොයිනිස් එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා

එම ක්‍රීඩකයින් මේ වන විට සුළු ආබාධවලට ලක්ව සිටින අතර, තවත් මාසයකින් පමණ ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන් තිදෙනා ඉන්දීය සංචාරයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි හා තෙවැනි එක්දින තරග මෙන්ම, නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මිචෙල් මාෂ්ට අහිමි වුණේ වලලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

නවසීලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ස්ටොයිනිස් ද ආබාධයකට ලක් වූ අතර, මේ වන විට මිචෙල් ස්ටක් ද දණහිසක ආබාධයකට ගොදුරු වී සිටිනවා.

ඒ අනුව නේදන් ඇලස්, ඩැනියල් සෑම්ස් හා ශෝන් ඇබොට් ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද මෙම සංචාරයෙන් විවේක ගැන්වීමටයි තීරණය කර තිබුණේ.

Australia squad:

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Pat Cummins, Tim David, Nathan Ellis, Cameron Green, Josh Hazlewood, Josh Inglis, Glenn Maxwell, Kane Richardson, Daniel Sams, Steve Smith, Matthew Wade, Adam Zampa.

schedule:

  • September 20: First T20, Mohali
  • September 23: Second T20, Nagpur
  • September 25: Third T20, Hyderabad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...