උසස් වීමක් නිසා මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාමේ හිමිකාරීත්වය විසින් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට උසස් වීමක් ලබා දී තිබෙනවා.

මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් MI Emirates (එම් අයි එමිරේට්ස්) හා MI Cape Town (එම් අයි කේප් ටවුන්) නමින් තවත් කණ්ඩායම් දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (International League T20 තරගාවලිය) හා දකුණු අප්‍රිකාවේ (SA20 තරගාවලිය) පැවැත්වීමට නියමිත 20යි 20 ලීග් තරගාවලි සදහා ද ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි මෙම පියවර ඔවුන් ගෙන ඇත්තේ.

ඒ අනුව මහේල ජයවර්ධන එම් අයි සමූහයේ කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස පත් කර තිබෙනවා.

සමස්ත උපායමාර්ගික සැලසුම් ඇතුළුව, එම් අයි සමූහයේ ලොව පුරා ක්‍රිකට් මෙහෙයුම් සඳහා ජ්‍යෙෂ්ඨ නායකත්වය සැපයීම, ඒකාබද්ධ ගෝලීය ඉහළ කාර්යය සාධනයක් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම, එක් එක් කණ්ඩායමේ පුහුණු සහ සහාය ව්‍යුහයන් සඳහා වගකීම මෙන්ම, සහයෝගීතාවය සහතික කිරීම සඳහා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කිරීම හා ස්ථාවර ක්‍රිකට් සන්නාමයක් බිහි කිරීම යන වගකීම් මෙහිදී ඔහුට පැවරෙනවා.

ඒ අනුව නව තනතුර භාර ගැනීම වෙනුවෙන් ඔහු මෙතෙක් දැරූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ද ඉවත් වී තිබෙනවා.

මේ අතර, සහීර් ඛාන් එම් අයි සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා (Global Head of Cricket Development) ලෙස ද උසස් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...