එම් අයි කේප් ටවුන් ප්‍රධාන පුහුණුකරු ධූරය මාර්ක් බවුචර්ට ?

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියට ක්‍රීඩා කරන MI Cape Town (එම් අයි කේප් ටවුන්) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්ක් බවුචර් පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔහු මේ වන විට දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එම ධූරයෙන් ඉවත් වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

එළඹෙන 19 වැනිදා කේප්ටවුන් හී දී පැවැත්වීමට නියමිත SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා MI Cape Town කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස ද ඔහු එක් වීමට නියමිතව ඇති බව සදහන්.

2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාර්ක් බවුචර් දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහුගේ ගිවිසුම් කාලය ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වලංගු වුව ද, එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර  ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජයට පත් වීමෙන් පසුව ඔහු ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමේ සිය තීරණය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙත දැනුම් දී තිබුණා.

MI Cape Town කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙර ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් පස් දෙනාගේ නම් අගෝස්තු 11 වැනිදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා, නවක පිතිකරු ඩිවෝල්ඩ් බ්‍රේවිස් සමග මෙන්ම ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්, එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් හා සෑම් කරන් යන ක්‍රීඩකයින් සමග එම කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...