ජයසූරියගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට කඩුලු 7ක පහසු ජයක්

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series (රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

ඉන්දියාවේ කාන්පූර් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ලෙජන්ඩ්ස් පිතිකරුවන්ට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

නායක ඉයන් බෙල් ලකුණු 15 ක් ද, පිල් මස්ටඩ් ලකුණු 14 ක් ද ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින්.

නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 14.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15 කටත්, ඩිල්ෂාන් මුණවීර ලකුණු 24 කටත් දැවී ගිය අතර, උපුල් තරංග ලකුණු 23 ක් ලබා ගත්තා. ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 8 යි.

පන්දු යැවීමේ දී Stephen Parry, Chris Schofield හා Dimitri Mascarenhas එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...