Watch : සුපිරි පන්දු යැවීමකින් ජයසූරිය දවා ගත් කඩුලු 4 මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය අද(13) රාත්‍රී 7.30 ඉන්දියාවේ කාන්පූර් හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ලෙජන්ඩ්ස් පිතිකරුවන්ට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

නායක ඉයන් බෙල් ලකුණු 15 ක් ද, පිල් මස්ටඩ් ලකුණු 14 ක් ද ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින්.

නුවන් කුලසේකර හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

සනත් ජයසූරිය දවා ගත් කඩුලු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...