අසිෆ් අලීට හා ෆරීඩ් අහ්මඩ්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

පාකිස්තාන පිතිකරු අසිෆ් අලීට හා ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෆරීඩ් අහ්මඩ්ට දඩුවම් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, දෙරට අතර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(7) පැවැති තරගයේ දී ඔවුන් දෙදෙනා අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව අසිෆ් අලීට හා ෆරීඩ් අහ්මඩ්ට තරග ගාස්තුවෙන් 25% බැගින් දඩ පැනවීමටයි අයි.සී.සීය තීරණය කර ඇත්තේ.

ක්‍රීඩකයින් දෙදෙනා විසින් සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන තරගයේ පාකිස්තාන ඉනිමේ 19 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි අදාළ ක්‍රීඩකයින් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් හා ශාරීරික ගැටීමක් සිදු වුණේ.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට අසිෆ් අලී හයේ පහරක් එල්ල කළ අතර, පස්වැනි පන්දුවේ දී ඔහු දැවී ගියා.

අනතුරුව පන්දු යැවූ ෆරීඩ් අහ්මඩ් තමා දවා ගත් කඩුල්ල සමරන අවස්ථාවේ දී ඔහු හා අසිෆ් අලී අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී අසිෆ් අලී සිය පිත්තෙන් ෆරීඩ් අහ්මඩ්ට පහර දීමට ද උත්සාහ ගන්නා ආකාරයක් දැකගත හැකි වුණා. (දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...