වසර 3කට පසු වාර්තා වූ කෝලිගේ 71 වැනි ශතකය ඉන්දියාව තෙවැනි තැනින් නතර කරයි

Date:

විරාට් කෝලි වාර්තා කළ සිය 71 වැනි ජාත්‍යන්තර ශතකයෙන් ශක්තිමත් වෙමින් මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් තරගාවලිය නිමා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද පැවැති 5 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 101ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩුබායි හි පැවැති මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කේ.එල් රාහුල් කටයුතු කළා. ඒ, නිත්‍ය නායක රෝහිට් ෂර්මා මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගනිමින්.

ඉනිම ආරම්භ කළ රාහුල් හා විරාට් කෝලි ලකුණු 119 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා.

රාහුල් ලකුණු 62(41) කට දැවී ගියා. සූර්යකුමාර් යාදව් ලකුණු 6(2)යි. රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 20 ක් රැස් කළේ පන්දු 16 කින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි සිය පළමු ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 61 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් ලකුණු 57 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

පළමු පන්දුවාරයේ සිටම ඇෆ්ඝනිස්තානයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ බුවනේෂ්වර් කුමාර් සිය පන්දුවාර 4 තුළ ලකුණු 4 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඊබ්‍රහීම් සඩ්රාන් නොදැවී ලකුණු 64(59) ක් රැස් කළා. හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මුජිබ් උර් රහ්මාන් ලකුණු 18 ක් හා රෂීඩ් ඛාන් ලකුණු 15ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...