Watch : තරගයට වඩා උණුසුම් වූ පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන ගැටුම්

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක හා උණුසුම් තරගයක් ඊයේ(7) රාත්‍රියේ නිමා වුණා.

පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය අතර සාජා හී දී පැවැති මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණේ අවසන් මහා තරගයේ ස්ථානයක් ද වෙන් කර ගනිමින්.

ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකාව සමග තරග කිරීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකාව හා පාකිස්තානය හෙට(9) දිනයේ දී සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන අවසන් තරගයට ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, අද පැවැත්වෙන ඉන්දු – ඇෆ්ඝනිස්තාන තරගය හා හෙට පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රතිපල තරගාවලියේ අවසන් තරගයට කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ.

තරගාවලියේ උණුසුම තවත් වැඩි කරමින් ඊයේ නිමා වූ තරගයේ දී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර මෙන්ම ප්‍රේක්ෂකයින් අතර ද උණුසුම් ගැටුම්කාරී තත්ත්වයක් දැක ගත හැකි වුණා.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 11 ක් ලබා ගැනීමට පාකිස්තානයට අවශ්‍ය වූ නමුත්, ඒ වන විටත් ඔවුන්ගේ කඩුලු 9ක් දැවී ගොස් තිබූ අතර, නම් දැරූ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව සිටියා.

ඒ අනුව තරගයේ ජය ඇෆ්ඝනිස්තානයට පහසුවෙන් හිමි වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළ නමුත්, අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකට හයේ පහර දෙකක් එල්ල කරමින් පාකිස්තානයට සුවිශේෂී ජයක් හිමි කර දීමට නසීම් ශාහ් සමත් වුණා.

ඊට පෙර පන්දුවාරයේ සිව්වැනි පන්දුවට අසිෆ් අලී හයේ පහරක් එල්ල කළ අතර, පස්වැනි පන්දුවේ දී ඔහු දැවී ගියා. අනතුරුව පන්දු යැවූ ෆරීඩ් අහ්මඩ් හා අසිෆ් අලී අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, අසිෆ් අලී සිය පිත්තෙන් ෆරීඩ් අහ්මඩ්ට පහර දීමට ද උත්සාහ ගන්නා ආකාරයක් දැකගත හැකි වුණා. (දර්ශන කිහිපයක් පහතින්)

සෙසු ක්‍රීඩකයින්ගේ මැදිහත් වීමෙන් එම තත්ත්වය පසුව පාලනය කෙරුණා.

කෙසේ වෙතත්, තරගය නිමා වීමෙන් පසුව තරගය නැරඹීමට පැමිණ සිටි කණ්ඩායම් දෙකේ ප්‍රේක්ෂකයින් අතර ද ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීම විශේෂත්වයක්.(දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...