ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පැවැති සිව්වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා පාකිස්තානය කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවසන් මහා තරගය එළඹෙන 11 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

සාජා හි අද පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9 ක් දැවී සිටියදී යි.

නායක බාබර් අසාම් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ෆසල්හක් ෆරූකි යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. ෆකාර් සමාන් ලකුණු 5 කට දුවද්දී දැවී ගියා. මොහමඩ් රිස්වාන් ලකුණු 20යි.

ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 30 කටත්, ශඩාබ් ඛාන් ලකුණු 36 කටත් දැවී ගියා. අසිෆ් අලී ලකුණු 16 ක් රැස් කළා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට ලකුණු 11 ක් අවශ්‍ය වුණා.

කඩුලු 9ක් දැවී ගොස් තිබූ අවස්ථාවක අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකේ දී නසීම් ශාහ් හයේ පහර 2ක් එල්ල කරමින් පාකිස්තානයට නොසිතූ ජයක් හිමි කර දීමට සමත් වුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි හා ෆරීඩ් අහ්මඩ් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, රෂීඩ් ඛාන් කඩුලු 2 ක් ද දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 35 ක් රැස් කළ අතර, හස්රටුල්ලාහ් සසායි ලකුණු 21 ක් ලබා ගත්තා. රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 18 ක් ද, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 17 ක් ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් කඩුලු 2 ක් හා නසීම් ශාහ්, මොහමඩ් හස්නයින්, මොහමඩ් නවාස්, ශඩාබ් ඛාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

(අවසන් පන්දුවාරයේ දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...