අසලංක ඉවතට ? ඉන්දියාවට එරෙහි තරගය ගැන දසුන් අදහස් දක්වයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව සමග හෙට (6) පැවැත්වෙන තරගය සදහා ඇතැම් විට ධනංජය ද සිල්වාට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

මේ වන විට සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වී සිටින අංක 3 පිතිකරු චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද දසුන් සදහන් කළා.

ඒ අනුව ඇතැම් විට පිතිකරණ අනුපිළිවෙලෙහි ද යම් වෙනසක් හෙට තරගයේ දී සිදු විය හැකියි.

චරිත් අසලංක මෙවර ආසියානු කුසලානය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනේ දී පිළිවෙලින් ලකුණු ලබා ගෙන ඇත්තේ 0, 1 හා 8 ක් වශයෙන්.

සුපිරි 4 වටයේ තෙවැනි තරගය වන ඉන්දු – ශ්‍රී ලංකා තරගය හෙට රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන අතර, හෙට තරගයෙන් ඔවුන් ජය ගතහොත් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනු ඇති.

එමෙන්ම හෙට තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වුවහොත්, බොහෝ විට මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ඉන්දීය කණ්ඩායමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...