යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් අලුත් තරගාවලියක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යොවුන් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට (6) ආරම්භ වනවා.

තරගාවලියේ සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම තරගාවලිය සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ පළාත් බාලිකා ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

‘කොළඹ උතුර’, ‘කොළඹ දකුණ’, ‘මහනුවර’, ‘දඹුල්ල’, ‘ගාල්ල’ සහ ‘ගාල්ල පිටත’ යන කණ්ඩායම් 6 තරගාවලිය සඳහා තරග වදිනවා.

එම කණ්ඩායම් 6 ට ක්‍රීඩිකාවන් 78 දෙනෙකු ඇතුළත්.

දකුණු පළාත තුළ පාසල් වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම නිසාත්, දක්ෂතාවයෙන් යුතු ක්‍රීඩිකාවන් රැසක් පසුවීම නිසාත් දකුණු පළාත වෙනුවෙන් කණ්ඩායම් 2 ක් (ගාල්ල සහ ගාල්ල පිටත යනුවෙන්) ඉදිරිපත් කර තිබෙනවා.

හෙට ආරම්භ වන මෙම තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 5 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 3 ක් මූල්‍ය ත්‍යාගයක් ද, අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 2 ක මූල්‍ය ත්‍යාගයක් ද, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට රුපියල් 75,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, දක්ෂතම පිතිකාරිණියට සහ පන්දු යවන්නියට රුපියල් 50,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට රුපියල් 25,000 ක මූල්‍ය ත්‍යාගයක් ද පිරිනමන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...