Road Safety World Series තරග කාලසටහන මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග කාලසටහන අද(5) නිවේදනය කෙරුණා.

තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 23 ක්.

ඉන්දියාවේ කන්පූර්, රයිපූර්, ඉන්දෝර් හා දෙහ්රාදුන් හී දී තරග පැවැත්වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

තරගාවලිය සදහා ඉන්දීය ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්, එංගලන්ත ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස්, බංග්ලාදේශ ලෙජන්ඩ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් හා නවසීලන්ත ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් 8 එක් වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ එළඹෙන 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

කන්පූර් හී දී එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. (සම්පූර්ණ තරග කාලසටහන පහතින්)

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ  චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.

එමෙන්ම Colors Cineplex නාලිකාව ඔස්සේ ද තරගාවලිය විකාශය කිරීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

@RSWorldSeries

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...