ඇෆ්ඝනිස්තානයෙන් වාඩුව ගන්න ආ හැටි තීක්ෂණ පහදයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ ලැබූ දරුණු පරාජය හේතුවෙන් සුපිරි 4 වටය යටතේ ඊයේ(3) ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගය කෙසේ හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අදිටන් කර ගෙන සිටි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මේ අතර, පන්දු රැකීම අතින් ලොව හොදම පන්දු රැකීමේ කණ්ඩායම බවට පත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බව ද තීක්ෂණ මෙහිදී පවසා සිටියා.

සිදු වූ වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගනිමින් ඉදිරි තරග සියල්ල ජය ගෙන ආසියානු කුසලානය කෙසේ හෝ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බවයි මහීෂ් තීක්ෂණ වැඩිදුරටත් කියා සිටියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...