සුපිරි හතරේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පරදා කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 176 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී පසු කර ගියා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක සමත් වුණා. මෙන්ඩිස් ලකුණු 36(19) කට දැවී ගිය අතර, නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 35(28) ක්.

යළිත් අසාර්ථක වූ චරිත් අසලංක ලකුණු 8(14) කට දැවී ගිය අතර, දසුන් ශානක මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 10(9) ක් පමණයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 33(20) ක් හා භානුක රාජපක්ෂ පන්දු 14කින් ලකුණු 31 ක් වේගයෙන් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. වනිදු හසරංග නොදැවී ලකුණු 16(9)යි.

පන්දු යැවීමේ දී මුජිබ් උර් රහ්මාන් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 40 (38) යි. නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 17 කටත්, හස්රටුල්ලාහ් සසායි ලකුණු 13 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුෂංක ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

https://twitter.com/cric12222/status/1566125517639921664?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...