ශ්‍රී ලංකාවට ලකුණු 176ක ඉලක්කයක්

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය අද(3) රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වුණා. ඒ, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තාන අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 40 (38) යි.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුෂංක ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. (ඔහු විසින් හස්රටුල්ලාහ් සසායිගේ කඩුල්ල දවා ගත් අයුරු පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...